මීට වසර 10කට පමණ පෙර එනම් 2002 - 2004 පමණ කාලයේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස සිටි සමයේ පැරකුම් යුගය උත්කර්ෂයට නන්වමින් කටයුතු කළ ආකාරයටම යළිත් වසර 10කට පමණ පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ අගමැති දිනේෂ් ගුණවර්ධනද පැරකුම් යුගය උත්කර්ෂයට නන්වමින් සිටී.
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මහ පොළව තුළ පැළ කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වයදී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. 2002 - 2004 සමයේ එවකට අගමැති ලෙස රනිල් වික්‍රමසිංහද පැරකුම් යුගයක් ගැන කියමින් මේ ආකාරයටම ප්‍රකාශ සිදු කර තිබේ.
එහෙත් එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ 2002 - 2004 පාලන කාලයේ අවසාන භාගයේදී ඔහු කුඹුරු ගොඩ කිරිමටත්, ගොවියන්ට බුලත් විට වෙනුවට ජුයින්ගම් ලබා දීමටත්, ගොවියන්ට ඩෙනිම් ඇන්දවීමටත් යෝජනා කළ අතර එහි බරපතලම කාරණය ලෙස එදා සාකච්ඡාවට බඳුන් වූයේ රයේ වැව් පද්ධිතිය පුද්ගලික අංශයට පැවරීමේ සූදානම සහ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට වූ සූදානමට අදාල යෝජනා සම්බන්ධයෙනි.
.jpg)

0 Comments: