.jpg)
තමන්ට වත්මන් ආණ්ඩුව සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ කිසිවෙකුත් ඉඩ ලබා නොදෙන බවත් තමන් ඉදිරියේදී වමාංශික පක්ෂ සමග එක්ව නව ආණ්ඩුවක් ස්තීරවශයෙන්ම හදන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
වර්තමානයේ පවතින්නේ "අතීතයේ" මෙරට පැවැති ආකාරයේ සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි. (හිටපු ජනාධිපතිවරයාගේ මම ප්‍රකාශය අනුව ඔහුද ජනාධිපති ලෙස කටයුතු කළේ සාම්ප්‍රදායික ආණ්ඩුවකය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සාම්ප්‍රදායික පක්ෂයකි.)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකම් කිසිකෙනෙකුට අනුමැතිය දීලා නෑ ආණ්ඩුවට එකතු වෙන්න. ආණ්ඩුවට ගිය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වාඩිවෙලා එතුමා කිව්වා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ කියලා. අනේ ඊට පහුවදා ආණ්ඩුවට එකතු වුණා. අපිට ආරංචි විදියට කැබිනට් එක ආමාත්‍ය ධූර 30ක් සම්පූර්ණ කරලා, රාජ්‍ය අමාත්‍යවරු තව 40ක් පත්කරන්න යනවා කියලා.
අපි දන්නේ නෑ ඇත්තද බොරුද කියලා. මට මතක හැටියට තිලංග සුමතිපාල මහත්තයා කිව්වා මේ අපේ නායකයාට මේ අගමැතිකම දුන්නා නම් මීට වඩා ලොකු වෙනසක් කරනවා කියලා. අනේ දෙයියනේ මම ගන්නේ නෑ ඔය අගමැතිකම. ඒ මොකද මේ ආණ්ඩුව අදත් ගෙනියන්නේ පොහොට්ටුව පක්ෂයේ නායකයෝ. මම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අපේ සහෝදර වමේ පක්ෂ සමග ඉදිරියේදී සන්ධානයක් හදලා ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් හදලා කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලිව කියනවා."
0 Comments: