Headlines
 සිරිසේනත් පවුල් ගහක් හිටවයි - හිටපු ජනපති තාත්තාගෙන් පුතාට ආසන සංවිධායක පත්වීමක්

සිරිසේනත් පවුල් ගහක් හිටවයි - හිටපු ජනපති තාත්තාගෙන් පුතාට ආසන සංවිධායක පත්වීමක්

රාජපක්ෂ පවුල් දේශපාලනයටත් වංචාවට දූෂණයටත් විරුද්ධ බව කියමින් 2015 වසරේ ජනාධිපති බවට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට "සිරිසේන දේශපාලන පවුල් ගස" වර්ධනය කරන්නට පටන් ගෙන තිබේ.

ඒ ඔහුගේ පුත් දහම් සිරිසේන පොළොන්නරුව බටහිර ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ලෙස පත්කරමිනි. මෙසේ ආසන සංවිධායකවරයෙකු බවට පත් කිරීමට පෙර තම පවුල් ගස පැල කළ සිරිසේන හිටපු ජනාධිපති තම සිරිසේන පුත්‍රයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ සභාපති බවට පත් කළේය.

අදාළ ආසන සංවිධායක පත්වීම ලබාදී ඇත්තේ ඊයේ (31) වන අතර ඒ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීය. ඒ පවුල් දේශපාලනයට විරුද්ධ බව කියූ හිටපු ජනාධිපති මෙන්ම එම පක්ෂයේ සභාපති සිරිසේන අතිනි. එම අවස්ථාවට ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් සහභාගි වී සිට ඇත.

Read More

0 Comments: