.jpg)
Featured Post
Gossips
Hot News
News
වරද පිළිගත් සක්විති රණසිංහට අධිකරණය දුන් නියෝගය
තමන්ට එරෙහිව ඇති මූල්‍ය වංචා පිළිබඳ චෝදනාවලට වරද පිළිගත් හිටපු උපකාරක පංති දේශකයෙකු හා ව්‍යාපාරිකයෙකු වන සක්විති රණසිංහට දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (14) කටයුතු කර තිබේ.
ඒ අනුව ඔහුට වසර 22ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටවා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 11කට, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා ඉදිරියේ ඔහු මෙලෙස වරද පිළිගෙන තිබිණි.
එමෙන්ම ඔහුට රුපියල් 2,75,000ක දඩයක්ද නියම කර ඇත.
මෙම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගත් සක්විති රණසිංහගේ බිරිඳටද වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියම කර ඇති විනිසුරුවරයා ඇයට රුපියල් 25,000ක දඩයක්ද නියම කර තිබේ.
සක්විති රණසිංහ හෝ ඔහුගේ බිරිඳ එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස 06 බැගින් ලිහිල් සිරදඬුවම්ක්ද නියම කර ඇත.
0 Comments: