Headlines
 අනුර, සුසිල්ට දෙල්කඳ පොළ මතක්කරයි

අනුර, සුසිල්ට දෙල්කඳ පොළ මතක්කරයි


රටේ ආර්ථිකය දිනෙන් දින කඩාවැටෙමින් තිබියදී එයට පිළියම් නොකර ජනතාව පීඩාවත්කරමින් දිගින් දිගටම බදු වැඩි කිරීම් හා විවිධ බඳු හඳුන්වා දෙමින් ජනතාව තවත් පීඩාවට පත් නොකර වහාම ආර්ථික තත්වය යහපත් කිරීමට අවශ්‍ය පිළියම් යොදන ලෙසත් දිනෙන් දින බඩු මිල ඉහළ යන ආකාරය දැක ගැනීමටත් ජනතාව විඳින පීඩාව දැකබලාගැමීටත් හැකිවනු ඇතැයි ජාතික ජන බලවෙග්යේ නායක පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී අනුර දිසානායක අද (06) පාර්ලමේන්තුවේදී ඇමත සුසිල් ප්‍රේමජයන්තට පැවසීය.

"ඔබතුමා දෙල්කඳ පොළට ගිහින් තිබෙන බව ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. හා දැන් දෙල්කඳ පොළට යන්න. ඔබතුමා යන්න දැන්. ගිහිල්ලා බලන්න මොකද්ද තත්වෙ කියලා. මේ සතියේ යනකොට තියෙන මිල නෙවෙයි ඊලඟ සතියේ ඊට වඩා අධික වෙනවා." යැයි ඔහු එහිදී පැවසීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානය මේ බව පැවසූවේ "සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද" ලෙස ආණ්ඩුව පිරිවැටුම් මත පැනවීමට සූදානම් වන බදු විශේෂයට විරෝධය දක්වමින් සිදු කළ විශේස ප්‍රකාශය අවස්ථාවේදීය.

මේ වන විටත් 15% දක්වා ඉහළ දමා තිබෙන වැට් බද්දත් යෝජිත නව බද්දත් එකතු වූ විට වැල් බද්දක් බවට පත් වීමෙන් ජනතාවට කිසිසේත් දරා ගත නොහැකි අසීමිත පීඩනයක් එල්ල කළ ද මහ බැංකුවේ සංචිත හින්දවූ අයට, මහා භාන්ඩාගාරයට ලැබෙමින් තිබූ ආදායම් කපා දැමූ අයට, පොහොර ආනයනයේදී විශාල වන්දියක් ගෙවීම ඇතුලුව ආර්ථිකය බිඳ දැමීමට වගකිය යුතු වූවන් සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගැනීම පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළේය.

වර්තමාන ආණ්ඩුව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැවත නැවතත් සාමාන්‍ය ජනතාව මත බර පැටවීමේ උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටින බවද එය දැඩි ලෙස හෙලා දකින බවද ඔහු යළි යළිත් අවධාරණය කරනු ලැබීය.


Read More

0 Comments: