Headlines
 අනුර අතුරු අයවැය පතුරු අරියි

අනුර අතුරු අයවැය පතුරු අරියි

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2022 වසර සඳහා සංශෝධිත අයවැය පිළිබඳ තෙදින විවාදය අද අවසන් වූ අතර එම අයවැය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ජනතා මුදල් නාස්තිකාරී වැඩපිළිවෙල පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළේය.

ඔහු එහිදී සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ සේවකයන් ප්‍රමාණය වැඩි බව පවසමින් ඉන් අඩක් පමණ කප්පාදු කිරීමට යොජනා කරන අතර ජනාධිපතිගේ කාර්ය මණ්ඩලය සඳහා විවිධ තනතුරු නිර්මාණය කරමින් තම හිතවතුන් සහ පක්ෂයේ නිලධාරීන් සිය ගණනක පිරිසක් බඳවා ගනිමින් සිටින බවයි.

මේ සියලුම දෙනාට මාසිකය රුපියල් 80,000ක් ඉක්මවූ වැටුප් ගෙවන අතර නිල රථයක්ද ලබාදී ඇතැයිද අනෙකුත් සියලුම වරප්‍රසාදද ලබාදෙන බව එහිදී පැවසීය.

ඡායාරූප ශිල්පී, ඡායාරූප සංස්කාරක සහ නිර්මාණශීලී ඡායාරූප සංස්කාරක ආදී වශයෙන් මෙම පත්වීම් නම් කර ඇති බව ඔහු එහිදී අනාවරණය කළේය.

රාජ්‍ය සේවකයන් වැඩි වශයෙන් බඳවා ගත්තේ හිටපු ඇමතිවරුන් බව හෙළි කළ අනුර දිසානායක අවධාරණය කර සිටියේ රාජ්‍ය සේවකයන් ඉවත් කිරීමට පෙර රාජ්‍ය සේවය කඩා වැට්ටීමට කටයුතු කළ අයට දඬුවම් ලබාදිය යුතුබවය.

එමෙනම් තමන්ගේ කාර්යමණ්ඩය පිළිබඳව වාහම පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙසද අනුර දිසානයක එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවධාරණය කර සිටියේය.

මේ වනවිට විවිධ අවශ්‍යතා මත බැංකු ණය ලබාගෙන සිටින හමුදාව, පොලීසය සහ විශ්‍රාමිකයන් ඇතුළු සියලු දෙනාට ඉතා විශාල පොලී මුදලක් ගෙවීමට සිදුවීමෙන් ඔවුන්ගේ මාසික ආදායම් බැංකු ණය ගෙවීමට පමණක් යෙදවෙන බවද රැකියා ලක්ෂයක් දෙන බව පවසා රාජ්‍ය සේවයට බඳවා ගත් 50,000ක පමණ පිරිසට රුපියල් 22,500ක වැටුපකින් පවුලක් ජීවත්කරවීමට සිදුවී ඇති බවත් අවධාරණය කෙරිණ. අඩුම තරමේ විදේශ රැකියා සඳහා තරුණ තරුණියන් තෝරාගැනිමේදී එලෙස බඳවා ගත් පිරිසට හෝ ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද අනුර දිසානායක අවධාරණය කළේය.

එසේම ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩනයකට ලක් ව සිටින ත්‍රීරෝද රථ ආශ්‍රිත රැකියා කරන්නන්, ධීරවරයන් ගොවීන්, සුළු හා මධ්‍යපරිමාන කර්මාන්ත කරුවන්, සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් ඇතුළු ජාතික ආර්ථිකයට සම්බන්ධ වී සිටින සියලුම ක්ෂේත්‍රවල අර්බුදයට ලක් වූ පිරිස් පිළිබඳව මේ අයවැයෙන් කිසිදු සහනයක් ලබාදී නැති බව ඔහු පෙන්ව දෙනු ලැබීය. වත්මන් ජනාධිපතිට සහ ආණ්ඩුවට ජනවරමක් නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෙන්වා දී ඇති පරිදි ජන මතය නියෝජනය කරන පාලනයක් පිහිටුවාගත යුතු බවත් අයවැය විවාදයට එක්වෙමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කරනු ලැබීය.


Read More

0 Comments: