Headlines
Loading...
 එයා ආය පාර්ලිමේන්තුවට එන්නේ නැහැ - සීතා අරඹේපොළ ගෝටාබය ගැන කියයි

එයා ආය පාර්ලිමේන්තුවට එන්නේ නැහැ - සීතා අරඹේපොළ ගෝටාබය ගැන කියයි

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බව තමන් විශ්වාස කරන්නේ යැයි පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ පවසයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද මෙතක් තමන්ට ඒ සඳහා වන ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් ලැබී නැතැයිද මන්ත්‍රීවරිය පවසයි.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පක්ෂය තුළ මෙතෙක් සිදුව නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොල සඳහන් කරයි.

0 Comments: